දුර්වලයින් ඉවත් කිරීමට ශ්‍රීලනිපයේ අවධානය


දුර්වල ආසන සංවිධායකයින් ඉවත් කිරීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ අවධානය යොමුව තිබෙනවා.

එහි මහලේකම්, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පැවසුවේ ඒ පිළිබඳ ඉදිරියේ දී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් සාකච්ඡා වට කිහිපයක් ද පැවැත්වෙන බවයි. 

මේ වනවිට පළාත් පාලන ආයතනවල අයවැය සම්මත කිරීමේදී බල හුවමාරුවක් සිදු වෙමින් පවතින බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ. 

අදාළ ප්‍රදේශවල ආසන සංවිධායකවරුන්ගේ එකඟතාවය මත හා ජනතාවගේ ප්‍රාර්ථනා මත එක්සත් ජාතික පක්ෂය සතුව තිබූ බලය බොහෝ පළාත් පාලන ආයතනවල ශ්‍රීලනිප මන්ත්‍රිවරුන්ගේ මැදිහත්වීම මත පරාජය වී ඇති බවත් මේ අනුව සාමකාමී බලහුවමාරුවක් සිදු වෙමින් ඇති බවයි පෙන්වා දුන්නේ.