පාසල් දරුවන්ට කඩිනමින් නිළ ඇඳුම් ‌දෙන්න පැවති තීරණය වෙනස් කරමින් ජනපති ‌මෛත්‍රිගෙන් නව තීරණයක්..!

පාසල් දරුවන්ට නිල ඇඳුම් ලබා දීම පිළිබඳව මේ වන විට ඇතිව තිබෙන්නේ අර්බුධකාරී තත්වයක්. මෙතෙක් ලැබුනු නිල ඇඳුම් වවුචර්  වෙනුවට නැවත පාසල් නිළ ඇඳුම් ලබා දීමට ගත් තීරණයත් සමඟ ‍එම තත්වය උදාවුනා. කෙසේ වෙතත් මේ වන විට සමස්ත ලංකා කුඩා කර්මාන්තකරුවන්ගේ සංගමයේ ඉල්ලීම පරිදි  ජනාධිපති මෛත්‍රීපාල  සිරිසේන මහතා විසින් නැවතත් පාසල් දරුවන්ට නිල ඇඳුම් වවුචර් ලබාදීමට තීරණය කර ඇති බව සඳහන්.

ඒ අනුව අදාළ වවුචර් පත්  පාසල්වලට ලබාදීමට නියමිතව තිබෙන බව එම සංගමයේ සභාපති නිලුක්ෂ නන්දකුමාර මහතා සඳහන් කරන අතර වවුචර් පත්වලට අදාළ නිල ඇඳුම් රෙදි කට්ටල එළඹෙන 15 වැනිදා සිට නිකුත් කිරීමට බලයලත් සියලුම රෙදි අලෙවි සැල් කුඩා කර්මාන්ත හිමියන් ඊයේ (12) තීන්දුවක් ගත් බවද ඔහු සඳහන් කරනවා.

එසේම පසුගිය ආණ්ඩුවේ ඉල්ලීමට අනුව ලක්ෂ 43ක දරුදැරියන් වෙනුවෙන්, වවුචර් පතට රෙදි ලබාදීමට කුඩා කර්මාන්තකරුවන් මෙරටට රෙදි ගෙන්වා තිබූ බවද ඔහු සඳහන් කළා.නමුත්  පසුව එම තීරණය වෙනස් කිරීම නිසා ගැටලු සහගත තත්ත්වයක් ඇති වූ බවත්, මේ නිසා පාසල් නිවාඩුවට පෙර නිල ඇඳුම් රෙදි ලබාදීමට නොහැකි වූ බවත් එම සංගමයේ සභාපති වැඩිදුරටත් සඳහන් කළා.