අභියාචනාධිකරණය දුන් අතුරු තහනමට එරෙහි අභියාචනයේදී මහින්දගේ නීතීඥයා කරුණු දක්වයි


මහින්ද රාජපක්ෂ මහතා අග‍්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය ලබා දුන් අතුරු තහනම් නියෝගය අත්හිටුවන්නැයි ඉල්ලා ගොනු කෙරුණු අභියාචන පෙත්සම මේවනවිට ශ්‍රේෂ්ඨාධිකරණයේදී සලකා බලමින් තිබෙනවා.

මහින්ද රාජපක්ෂ මහතා සහ හිටපු කැබිනට් අමාත්‍යවරුන් ගොනු කළ එම අභියාචන පෙත්සම සලකා බැලෙන්නේ ති‍්‍රපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේයි. මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ගාමිණී මාරපන මීට නොබෝ වේලාවකට පෙර ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කරුණු දැක්වූවා.

එහිදී නීතීඥවරයා පෙන්වා දුන්නේ අග‍්‍රාමාත්‍යවරයා සහ කැබිනට් මණ්ඩලය කි‍්‍රයාත්මක වීම වළක්වාලමින් අභියාචනාධිකරණය ලබා දී ඇති නියෝගය පෙත්සම් විභාගයක් අවසානයේ ලබා දිය යුතු නියෝගයක් වන බවයි. මුල් අවස්ථාවේ එවැනි නියෝගයක් ලබා දීම ගැටලූ සහගත බවද ජනාධිපති නීතීඥ ගාමිණී මාරපන අධිකරණය හමුවේ පෙන්වා දුන්නා.     

මහින්ද රාජපක්‍ෂ මහතාගේ අග‍්‍රාමාත්‍ය ධුරය සහ හිටපු අමාත්‍ය මණ්ඩලයට එම තනතුරුවල කටයුතු කිරීම වළක්වාලමින් පනවා තිබෙන අතුරු තහනම් නියෝගය ඉවත් කරන ලෙස ගොණුකර ඇති පෙත්සමේ විභාගය නැවත ආරම්භ කර තිබෙනවා.  

අද පෙරවරුවේ ශ්‍රේෂ්ඨාධිකරණයේදී ආරම්භ වූ එම පෙත්සමේ විභාගය පස්වරු එකට පමණ විනාඩි 15 කට කල් තැබුණා. මෙම පෙත්සම විභාග කෙරෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ කාමර අංක 502 දියී. 

ඊවා වනසුන්දර, බුවනෙක අලූවිහාරේ සහ විජිත් මලල්ගොඩ යන ති‍්‍රපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේදී මෙම පෙත්සම විභාගයට ගැණෙනවා.