මුදලට විකිණෙන අයට ශ්‍රිලනිපය හැරදමා එජාප ඇමතිකම ගන්න පුළුවන් – WDJ


ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඕනෑම අයෙකුට සිය පෞද්ගලික මතය අනුව නව ආණ්ඩුවට එක්විය හැකි බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩබ්ලිව්. ඞී. ජේ. සෙනෙවිරත්න පවසනවා.

කෙසේවෙතත් එලෙස ආණ්ඩුවට එක්වන මන්ත‍්‍රීවරුන්ට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය හිමි නොවන බවයි ඔහු කියා සිටියේ. 

ඩබ්ලිව්. ඞී. ජේ. සෙනෙවිරත්න මන්ත‍්‍රීවරයා, මීට පෙර පැවති එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවෙන් ඉවත් වූ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ දහසයේ කණ්ඩායමේ සාමාජිකයෙක්.

 “දේශපාලන වශයෙන් රටේ සිද්ධවෙන දේවල් ගැන හරි තක්සේරුවක් අරගෙන ඕනේ කථා කරන්න. මම හිතන්නේ අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කැඩී ගිය කොටස් එකතු වෙලා කටයුතු කිරීම තුළින් විශාල ශක්තියක් ගොඩනැගිලා තියෙනවා. එක්සත් ජාතික පක්ෂය පරාජය කරන්නට නම් අපි එකතු විය යුතුයි. ඒක තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ කුමාර වෙල්ගමට.”

කෙසේ වෙතත් එක්සත් ජාතික පෙරමුණ පිහිටුවන නව ආණ්ඩුවට එක්වීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න, වීරකුමාර දිසානායක, මහින්ද සමරසිංහ, විජිත් විජයමුණි සොයිසා, අංගජන් රාමනාදන්, ෆයිසර් මුස්තාපා සහ ලක්ෂ්මන් සෙනවිරත්න සුදානමින් සිටින බවයි වාර්තා වුණේ.