රනිල් දිවුරුම් දුන් උදෑසන 11.24 නැකත වර්ෂයේ අසුබතම නැකත බවට ප්‍රකාශයක්…!

රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිධූරයේ වැඩ භාර ගනිමින් දිවුරුම් දුන්නා. ඒ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේදීය.  (16) 11:24ට එළඹුනු සුභ මොහොතින් රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිධුරයේ මෙලෙසින් දිවුරුම් දුන්නා.

කෙසේ ‌වෙතත් රනිල් මහතා අගමැතිධූරයේ දිවුරුම් දුන් උදෑසන 11.24 යනු මුළු රටම සහ විශේෂයෙන් එජාපය හැදිගෑවිලා යන නැකතක් ඇති නිමේෂයක් බව ‌ජෝතිර්වේදීන්ගේ මතවාදය වී ඇත.

රනිල් වික්‍රමසිංහ මහතා දිවුරුම්දීමෙන් පසු අරලියගහ මන්දිරයේ සිට විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිත වේ. රංජිත් මද්දුමබණ්ඩාර, පී දිගම්බරන්, මනෝ ගනේෂන්, චම්පික රණවක, මංගල සමරවීර, කබීර් හෂීම් ආදී එජාප ජ්‍යේෂ්ඨයන් මෙම අවස්තාවට සහභාගී වී තිබෙන බව වාර්තා වේ.

නව රජයේ කැබිනට් මණ්ඩලය පසුව දිවුරුම් දීමට නියමිතය.