දකුණු අධිවේගයේ මාරක අනතුරින් කාන්තාවක් මරුට

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් ගත් වෑන් රියක් එහි නාම පුවරුවක ගැටීමෙන් සිදු වු අනතුරකින්  වෑන් රියෙහි ගමන් කළ කාන්තාවක්  මිය ගොස් ඇගේ සැමියා, පුතා සහ දියණියන් දෙදෙනා බරපතල ලෙස තුවාල ලබා ඇතැයි පොලිසියි පවසනවා. 

 අද (26) උදෑසන මෙම අනතුර සිදු වී ඇති අතර තුවාල ලැබු  සිව්දෙනා නාගොඩ රෝහලට ඇතුළු කර ඇති බවයි වාර්තා වන්නේ. 

ඉන් අසාධ්‍ය තත්ත්වයේ පසුවූ බාල දියණිය කොළඹ ජාතික රෝහලට යවා ඇතැයි පොලීසිය සඳහන් කර සිටියා. 
 
වෑන් රිය පැදවු ඔවුන්ගේ පුත්‍රයාට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇතැයි සඳහන්. 

අනතුරින් වෑන් රථයට ද දැඩි අලාභ හානි සිදුව තිබෙනවා.