බඹරගම ඇල්ලෙන් වැටී තරුණයන් දෙදෙනෙක් අතුරුදන්

බණ්ඩාරවෙල, අඹදණ්ඬේගම බඹරගම දියඇල්ලේ පිංතූර ගැනීමට ගිය තරුණයින් තිදෙනෙකු ඊයේ (25) සවස එම දියඇල්ලෙන් පහළට වැටීමෙන් ඉන් තරුණයන් දෙදෙනෙකු  අතුරුදන්ව ඇති බව පොලිසිය පවසනවා. 
 
එහි දී තවත් තරුණයකු තුවාල ලබා බණ්ඩාරවෙල දිසා රෝහලට ඇතුලත් කර ඇතයි පොලීසිය පවසා සිටින්නේ. 
 
බණ්ඩාරවෙල හීල්ඔය ප‍්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 21ක තරුණයෙකු හා වැලිමඩ පදිංචි වයස අවුරුදු 20 තරුණයෙකු මෙසේ අතුරුදන්ව ඇති බවයි වාර්තා වන්නේ. 

මෙම තරුණයින් රාවණාඇල්ල දිය ඇල්ල ඉහල කොටසේ අඹදණ්ඬේගම ප‍්‍රදේශයේ දිය නෑමට ගොස් බඹරගම දියඇල්ලේ පිංතූර ගැනීමට යාමේදීයි ඉහල සිට පහලට වැටී අතුරුදන්ව ඇත්තේ. 
 
අතුරුදන් වූ තරුණයන් දෙදෙනා සොයා බණ්ඩාරවෙල පොලීසිය කිමිදුම්කරුවන් යොදවා ඇති බවයි වාර්තාවන්නේ.