ජනපතිගෙන් නව වසරේදී නිලධාරීන්ට උපදෙස්


ජනතාවගේ දුගී බව තුරන් කිරීම ප‍්‍රමුඛ අරමුණ කර ගනිමින් නව වසරේ සංවර්ධන සැලසුම් සකස් කරන ලෙස ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. ඒ, පොළොන්නරුවේ (01) පැවති වැඩසටහනකට එක්වෙමින්. 

මත්ද්‍රව්‍ය වැනි සමාජයට අහිතකර සියලූ බලවේගයන් මර්දන කිරීම පිළිබඳව ද විශේෂ අවධානයකින් කටයුතු කළ යුතු බවයි ජනාධිපතිවරයා මෙහිදී පැවසුවේ.