පිස්සු කියවන්නෙපා..!අපිට උදව් කරේ TNA.. සුමන්තිරන්ගේ කීමට රනිල් කරූට දෙහි කපයි

පසුගියදා මාධ්‍ය හමුවී කරූ ජයසූරිය මහතා ශ්‍රී ලංකාවේ අධිකරණය ස්වාධීන බවත් ඒ සදහා විදේශ මැදිහත් වීමක් සහ යුධ අපරාධ සම්බන්ධයෙන් නඩු ඇසීම සදහා විදෙස් විනිසුරුවරුන් අවශ්‍ය නොවන බව කියා සිටියේ ය.

කෙසේ නමුත් මේ ප්‍රකාශය සිදු කිරිම සම්බන්ධයෙන් කතානායක කරූ ජයසූරිය මහතා දැඩි ලෙස කනස්සල්ලට ද පත් වී තිබේ.

එයට හේතු වී තිබෙන්නේ දෙමළ ජාතික සන්ධානයේ ප්‍රබල චරිතයක් ලෙස හැදින්වෙන් ඒම්.ඒ සුමන්තිරන් විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අමතා විමසා තිබෙන්නේ කරූගේ ප්‍රකාශය ඔබගේ මතය ද? යන්න ය.

එහිදි රනිල් පවසා තිබෙන්නේ කලබල නොවෙන ලෙසත් පොරොන්දු පරිද ඉල්ලීම් ඉටු කිරිමට තමන් බැදී සිටින බැවින් කරූගේ ප්‍රකාශය ගණන් නොගන්නා ලෙස ය.

ඉන්පසුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් කරූ ජයසූරියව අමතා කියා තිබෙන්නේ පිස්සු කතා කියන්නෙපා,අපිට උදව් කරේ TNA ඒක.එයලාව තරහ කරගන්න බෑ යනුවෙන් පවසා තිබේ.

මේ හේතුවෙන් කරූ ජයසූරිය මහතා දැඩි ලෙස කනස්සල්ලට පත්ව තිබේ