2015 ජනවාරි 08ට වඩා 2019 ජනවාරි 01 ‌වෙනස් බව වටහාගත ‌නොහැකි රජික ‌බොළද ලිපියක් ලියා ‌ගෙදර යයි..!

2015 ජනවාරි 08 එවකට පැවති ‌දේශපාලන තත්වයට ගැලපෙන විසදුම ‌ලෙස එක්සත් ජාතික පක්ෂය සමග එක්ව ආණ්ඩුවක් පිහිටුවත් 2018.10.26 වන විට රටේ උද්ගතවු ගැටළු වලට පිළිතුරක් ‌ලෙස හිටපු ජනපති මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කිරීමට සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළට සම්බන්ධ කර ගැනීමට එරෙහි ‌වෙමින් රජික ‌කොඩිතුවක්කු ප්‍රමුඛ ත්‍රිරෝද රථ කණ්ඩායමක් අද මාධ්‍ය හමුවක් කැදවමින් තමන්ගේ ‌නොහැකියාව ප්‍රදර්ශණය කරනු අද දක්නට ලැබිනි.

රට ‌බෙදන රනිල්ට එරෙහිවීම වරදක් ‌ලෙසත් මහින්ද රාජපක්ෂ අගමැති ලෙස පත්කිරීමෙන් පසුව ඇති වූ දේශපාලන තත්වයන් සියල්ල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඉතා අවාසිදායක වූ බවත් සදහන් කරන රජික උතුර නැගෙනහිර ‌නොමැති ශ්‍රි ලංකාවක ජිවත්වීමට කැමති වුවත් ශ්‍රි ලංකාවේ පුරවැසියන් වන අප උතුර නැගෙනහිර සහිත ශ්‍රි ලංකාවක ජිවත් වීමට කැමති නිසා පැවති ආණ්ඩුව ‌පෙරලා දමමින් ඔක්තෝබර් මස 26 වන දින සිදුවු විප්ලවයට කැමැත්ත පළකරන බව සදහන් කිරිමට කැමැත්තෙමු.

සම්බුද්ධ ‌දේශනාවට අනුව ‌වෙනස් වන ‌ලෝකයේ ‌නොවෙනස් වන එකම ‌දෙය ‌වෙනස්වීම බව පහදා තිබියදීත් රජික ‌කොඩිතුවක්කු හට එය පැහැදිලිව වටහාගැනිමට ‌නොහැකිවීම මගින් ඔහුගේ ‌දේශපාලණ භාවිතයේ ඇති ‌බොළද බව පිළිබදව රටවැසියාට මැනවින් වටහාගත හැක.