නිදහස් පක්ෂ මන්ත්‍රිවරු 18 දෙනා තමන් සමගද? විපක්ෂ නායකගෙන් පිළිතුරු

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් 18දෙනෙකු තමන් සමග සිටින බවට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය ඊයේ  (03) සිදු කළ ප‍්‍රකාශය පිළිගත නොහැකි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. බත්තරමුල්ල නෙළුම් මාවතේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ කාර්යාලයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහින්ද රාජපක්ෂ මහතා මේ බව කියා සිටියා.