රටම හිනැස්සු මාලිංග – තිසර චීත්ත වලියට ක්‍රිකට් ආයතනය තිත තබයි…!

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ලසිත් මාලිංගගේ සහ තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරාගේ භාර්යාවන් සමාජ මාධ්‍ය ඔස්සේ වාග් ප්‍රහාර එල්ල කර ගැනීමේ සිද්ධියට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මැදිහත්ව සමථයකට පත්කර තිබෙනවා. 

ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා පවසා සිටියේ, නැවත එවැනි ප්‍රශ්නයක් ඇති නොවන බවත්, එම ගැටලුව සමථයකට පත්කළ බවයි. 

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රධාන විධායක නිලධාරීවරයා කියා සිටියේ මෙවැන්නක්,

“අපි කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයන්ට කතා කළා. ඒ වගේම කණ්ඩායම සමග සිටින නිලධාරීන්ටත් කතා කළා. තිසර පෙරේරා අපි සමග මෙම ප්‍රශ්නය කතා කර විසඳා ගත්තා. නැවත එහෙම ගැටලුවක් ඇති නොවන ආකාරයට අපි ප්‍රශ්නය සමථයකට පත්කරලා තියෙන්නේ” යයි කියා සිටියා. 

පසුගිය දින කිහිපය තුළ සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ දෙනාගේ කතාබහට ලක් වූ එම සංවාද සටහන පහතින්.