එජාප රජය අති සාර්ථකයි..වාහන මිළ ලොකු ගණනකින් ඉහළ යන හැටි මෙන්න..!

ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීම හේතුවෙන් වාහන ආනයනය නතර කිරීමට සිදුව ඇති බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. එම සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ ප්‍රකාශ කරන්නේ රුපියල අවප්‍රමාණය වීම හේතුවෙන් මෙරටට ආනයනය කරනු ලබන වාහන සඳහා රුපියල් ලක්ෂ 03ක පමණ අමතර මුදලක් ගෙවීමට සිදුවනු ඇති බවයි.

එසේම මේ වනවිට වාහන ඇණවුම් කිරීමේදී බැංකුවලට ගෙවන මුදල දෙගුණයකින් වැඩි කිරීම ඇතුළු කාරණා කිහිපයක් නිසා කර්මාන්තය කඩා වැටීමට හේතු වී ඇති බවද සඳහන්.

මේ හේතුවෙන් අද වනවිට වාහන අලෙවිය විශාල ලෙස පහත වැටී ඇති අතර ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීම, ජපන් යෙන් එකක මිල රුපියල 1.75ක් දක්වා වෙනස් වී තිබීම යන කරුණු නිසා වාහන ආනයන වියදමද පෙර නොවූ පරිදි වැඩි වී ඇති බවද එම සංගමය ප්‍රකාශ කරනවා.