රනිල්ව විධායක අගමැති කරන ඩයස්පෝරා ‌මෙහෙයුම – අලුත් පියාපත් නාටකය එලියට…!

ඩයස්පෝරාවේ ඉල්ලීම මත “තවත් විධායක ජනාධිපතියෙක් එපා” යන තේමාව යටතේ විරෝධතා වැඩසටහනක් කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරියේදී ඊයේ (08) පැවැත්වුණුු බව අපට වාර්තා ‌වේ..

එය සංවිධානය කර තිබුණේ ‘අලුත් පියාපත් සංවිධානය’ නමින් හදුන්වන රාජ්‍ය ‌නොවන සංවිධානයක් විසිනුයි. 

මෙම වසර විධායක ජනාධිපති ධුරය අහෝසි කරන වසර බවට පත් කිරීම මෙම විරෝධතා වැඩසටහනේ අරමුණ යැයි එහි සංවිධායකයින් කියා සිටිනවා. 

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සනිටුවහන් කරමින් අවමංගල්‍යක ස්වරූපය විදහා දැක්වෙන පරිදි මෙම විරෝධතාව සංවිධානය කර තිබූ අතර ශෝකය ප්‍රකාශ කරන අයුරු දැක්වෙන බැනරයක් ද වුණා. 

30 වසරක කුරිරු යුද්ධය නිම කිරිමට සහ මව්බිමේ ස්වෛරී භාවය ආරක්ෂා කිරිම සදහා මහෝපකාරි වු විධායක ජනාධිපති ධුරය ස්ථාපිත කර වසර 41ක් ගෙවී ඇති ‌මේ ‌මොහොතේ කුමන්ත්‍රණකාරීව එය අහෝසි කිරීම ‌‌ෙමොවුන්ගේ අරමුණ වී ඇත.

මෙම අවස්ථාව සදහා ඩයස්පෝරාවෙන් යැපෙන නාමික බහුජන සංවිධාන සහ කලාකරුවන්, විද්වතුන් මෙන්ම කීබෝඩ් සමාජ ක්‍රියාකාරිකයින් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා.