ප්‍රමිත කියලා තියෙන්නේ එයාගේ තාත්තගේ අදහස..! මන්ත්‍රිවරුන්ගෙන් ප්‍රමිතට කනේ පහරක්…!

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා එළැඹෙන ජනාධිපතිවරණයේදී අපෙක්ෂකයෙක් ලෙස තරග වදින්නේ නම් සහාය නොදක්වන බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් සභා මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර සිදුකළ ප්‍රකාශය තමන් දැඩි ‌පිළිකුලෙන් යුතුව බැහැර කරන බව පලාත් සභා මන්ත්‍රිවරුන් පිරිසක් මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් පවසා ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් සභා මන්ත්‍රී සංසදය විසින් මෙම තීන්දුවට එළඹුනේ නම් එය සංසදයේ නිලතල දරන මන්ත්‍රිවරුන් විසින් ප්‍රකාශයට පත්කරනා බවත් තනතුරක් ‌නොමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා සිදුකරන ප්‍රකාශයෙහි කිසිදු වලංගුභාවයක් ‌නොමැති බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් එම මන්ත්‍රිවරුන් පවසා ඇත.