‘‘උඹේ ඩෙස් එක හිස්ව තියෙනව දකින්නෙ කොහොමද බං..? නාන්න ගිය සිසුවා මහවැලි ගඟට බිලි වෙයි…!

නාවලපිටිය ප්‍රදේශයේ උපකාරක පන්තියකට සහභාගි විමට ගොස් තම මිතුරන් සමඟ මහවැලි ගගේ දිය නැමට ගිය පාසල් සිසුවෙකු දියේ ගිලි ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස මිය ගොස් ඇත්තේ ගිනිගත්හේන මධ්‍යම මහා විද්‍යාලයේ උසස් පෙල හදාරමින් සිටි නාවලපිටිය හල්ගොල්ල හපුගස්තලාව ප්‍රදේශයේ පදිංචි විදුල රසාංජන ඉලංගකොන් නැමති 18 හැවිරිදි පාසල් සිසුවෙක්.

මහවැලි ගග අසල  පෞද්ගලික ඉඩමක ගොඩනැගිල්ලක් ඉදි කරමින් සිටි සේවකයන් පිරිසක් විසින් දියේ ගිලුණු සිසුන් දෙදෙනා ගොඩට ගෙන රෝහල් ගතකර ඇති අතර ඒ  වන විටත් ඔහු මියගොස් සිට ඇති බවයි වාර්තා වුනේ. මේ අතර ඔහු සමඟ ගිය අනෙක් සිසුන් දෙදෙනාගෙන් එක් අයෙක් නාවලපිටිය මුලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන අතර අනෙක් සිසුවා බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබා පිටව ගොස් තිබෙනවා.

උපකාරක පන්තිවලට සහභාගි වන බව සිය නිවැසියන්ට පවසමින් නිවසෙන් පැමිණ මහවැලි ගගේ නාවලපිටිය හයිපොට් ප්‍රදේශයේදි ගගට බැස දිය නාමින් සිටියදි  මෙම සිසුන් තිදෙනා දියේ ගිලි තිබෙනවා.

මිය ගිය සිසුවාගේ මිතුරන් මුහුණු පොතේ තබා තිබූ සටහන් කිහිපයක් පහතින්

නිවන් සුව සහෝදරයා තාම හීනයක් වගේ බං ලබන සතියෙ උඹේ ඩෙස් එක හිස්ව තියෙනව දකින්නෙ කොහොමද බං ඇයි බං එහෙම කරගත්තෙ ආය කවදාවත් මේ වගේ අකල් මරණ සිදු නොවේවා

අඩෝ මොකක්ද බන් මේ උබ කර ගත්තෙ…මං කාටද ආය අයියා කියලා කියන්නෙ…උබ මල්ලිව දාලා ගියා නේ…ෆට්ට දුකයි බන්…මං තාම හිතනවා බන් උබට උනේ මොකක්ද කියලා…හැමදෙම හීනයක් වගේ..

උබ මගෙ හොඳම පනක්,,, අඩෝ උබ අපිව දාලා ගියේ ඇයී,,,,, එකට කෑවේ අපී,,, උබ නැතුව කොහොමද ඉන්නෙ බන් අපී,,,,,,,,,, උබ අපෙන් ඈතට ගියා,,,, නමුත් හැමදාම උබ බම් මගේ හොඳම යාලුවා,,,, නිවන් සුව සහෝදරයා ,,,,,,,