ඔබටත් තියෙන්නෙ ශක්තිමත් ආදර සම්බන්ධතාවක්ද බලන්න..

ගොඩක් වෙලාවට ආදර සම්බන්ධයක් බිද වැටුනයින් පස්සේ තමයි අපි සිදු වුනු දේවල්, එහෙම වුනේ ඇයි කියලා තෙරුම් ගන්න උත්සාහ කරන්නේ. ඒවගේ වෙලාවට අපි අපිටම, නැතිනම් අපේ පාර්ෂවකරුවන්ට හෝ අපේ තත්වයන්ට දොස් පවරා ගන්නවා. නමුත් සම්බන්ධය බිද වැටීමට ලක් වෙන තුරුම ඉන්නේ නැතිව කලින්ම ඔබේ සම්බන්ධතාවය ශක්තිමත් කර ගැනීමට හෝ නොගැළපෙනවා නම් ඒ සම්බන්ධතාවය දෙපාර්ශවයේම කැමැත්ත ඇතුව නතර කර දමනවා නම් නේද හොද?

ඉතින් අපි අද අරගෙන ආවේ බරපතල හා දිගු කාලීන සබදතාවයක දකින්නට ලැබෙන ලක්ෂණ කිහිපයකුයි. බලන්න ඔබේ සමබන්ධය තුලත් මේවැනි ලක්ෂණ තියෙනවද කියලා?

1. පෞද්ගලික සංවර්ධනය.


ඔබේ ආදර සම්බන්ධතාව සෞඛ්‍ය සම්පන්නයි නම් ඔබ නිරන්තරයෙන් ඔබව වැඩි දියුණු කර ගැනීමට උත්සාහ කරනවා. අලුත් මිතුරන් සොයා ගන්න, හොද රැකියාවක් සොයා ගන්න වගෙම වෘත්තිය සාර්ථකත්වයක් ගොඩ නගා ගැනීමටද ඔබට හැකියාව තියෙනවා. මෙවැනි විටෙක ඔබේ ආදරණීයන් ඔබට ඊර්ෂ්‍යා කරන්නෙ නැහැ වගෙම ඔබේ සාර්ථකත්වය සදහා ඔවුන්ගේ සහාය නොඅඩුව ලබා දෙනවා.

නමුත් ඔබේ සමබන්ධය පරිණත ශක්තිමත් එකක් නෙමෙයි නම්, ඔබට සිටින්නේ ඉතාම ස්වල්ප මිතුරන් සංඛ්‍යාවක් පමනයි වගෙම, ඔබේ වෘත්තියද එක තැන පල්වෙන අතර සහකරු හෝ සහකාරියගේ අවශ්‍යතා වෙනුවෙන් ඔබ ඔබේ ජීවිතයම කැප කර සිටිනවා.

2. සහකරු හෝ සහකාරිය කෙරෙහි දක්වන ආකල්ප.


සම්බන්ධතාවයක පවතින වඩාත් පොදු රෙගුලාසිය වෙන්නේ පාර්ෂවකරුව සැම විටම අනුමත කලයුතු බවයි. ඇත්ත වශයෙන්ම පාර්ෂවකරුගේ මත වලට ඔබට බලපෑම් කල හැකි වුනත් ඔවුන්ව ඔබේ කැමැත්තට නැඹුරු කර ගැනීමට බලපෑම් කිරීම සුදුසු වෙන්නේ නැහැ.

මෙවැනි තත්වයන් බොහෝ විට තර්ක විතරක වලට හේතුවක් වෙන්න පුලුවන්.


නමුත් ශක්තිමත් සබදතාවයක් තිබෙන යුවලවල් බොහෝ විට එකිනෙකාගේ ආශාවන් හැගීම් සමග සහයෝගයෙන් කටයුතු කරන අතර දෙදෙනාම එකම යාන්ත්‍රණයක් මෙන් ක්‍රියා කරනවා.

3. හැඟීම්.


ඔබේ ඔබේ සහකරු හෝ සහකාරිය සමග අපහසුතාවයෙන් කල් නොගෙවිය යුතුයි. ඔබ ඔබේ පාර්ෂවකරු සමග අද දින කෙසේ හෝ ගත කර හෙට දින අතහැර දැමීමට පවා සූදානමින් සිටිනවා නම් ඔබ දෙදෙනාගේ සම්බන්ධය පිලිබද නැවත සිතා බැළිය යුතුයි. හැගීම් වල එවැනි අස්ථායිතාවයන් වලින් පෙන්නුම් කරන්නේ ඔබේ සම්බන්ධතාවය නොමේරූ එකක් බවයි.

4. ඔබේ ආදරය පාර්ෂවකරුට ඔප්පු කිරීම.


ආදර සම්බන්ධයකදි පර්ෂවකරුවන් එකිනෙකා කෙරෙහි බැදී සිටින අතර ඔවුන් එකිනෙකා සමග සුහදව කටයුතු කරනවා. නමුත් ඔබ හා ඔබේ පාර්ෂවකරු සමග තිබෙන සම්බන්ධතාවය පිලිබද එකිනෙකාට ඔප්පු කිරීමට අවශ්‍යතාවයක් තිබෙනවා නම් එයින් අදහස් වෙන්නේ ඔබේ සම්බන්ධතාවයේ අවංක භාවය පිලිබද ඔබ සැක කරන බවයි. යම් දිනයක මේ කුඩා සැකය ඔබ හා ඔබ ආදරණීයන් අතර විශාල හිඩැසක් නිර්මණය කරන්න සමත් වෙන්න පුලුවන්.

5. ස්වයං අවබෝධය.


පරිණත සම්බන්ධතාවයකදී දෙදෙනාගෙන් එක් අයෙකු හෝ අනෙකා භාවිතා කරමින් තමන්ගේ අඩුලුහුඩුකම් වසා ගැනීමට උත්සාහ කරන්නේ නැහැ. ඒවගෙම අනෙකාව අවමානයට ලක් කිරීම හෝ අපහසුතාවයට ලක් කිරීමටද පාර්ෂවකරුවන් උත්සාහ කරන්නෙ නැහැ. මෙවැනි සම්බන්ධතාවයකින් කිසිම විටක දිගු කාලීන සතුටක් ලැබෙන්නේ නැහැ.

6. ගැටළු.


සෑම යුවලකටම ජිවිතයේ වරින් වර විවිධ ගැටළු වලට මුහුණ දීමට සිදු වෙනවා. සමහර විට මේ ගැටළු දෙදෙනාටම හෝ නැතිනම් එක් පාර්ෂවයක් වෙත පමනක් බලපාන ඒවා වෙන්න පුලුවන්. නමුත් ඔබට තිබෙන්නේ ශක්තිමත් සමබන්ධතාවයක් නම් එම ගැටළු ඔබේ ආදරය තව තවත් ශක්තිමත් කිරීමට හේතුවෙන්න පුලුවන්. එවැනි යුවලක් කිසිම විටක එකිනෙකට චෝදනා කර ගන්නේ නැති අතර සියලු දුෂ්කරතාවයන්ට දෙදෙනා එක්ව මුහුණ දීමට කටයුතු කරනවා. නමුත් එවැනි ප්‍රශ්නයකදි ඔබ දෙදෙනා දෙපසට වී එකිනෙකාට චෝදනා කර ගන්නවා නම් ඔබේ සම්බන්ධතාවය පිලිබද නැවත සිතා බැලීම හොදයි.

7. විශ්වාසය.


සම්බන්ධතාවයක් බිද වැටීමට තුඩු දෙන ප්‍රධානම හේතුවක් වන්නේ ඊර්ෂ්‍යාවයි. ශක්තිමත් සම්බන්ධතාවයක් ඇති යුවලක් කිසිම විටක තම තමන්ගේ සෑම පියවරක්ම තම පාර්ෂවකරුවන්ට දැනුම් දෙමින් එකිනෙකා පාලනය කිරීමට උත්සාහ කරන්නේ නැහැ.


නමුත් මේ කාරණයේ දෙපැත්තක් තිබෙනවා. ඔබේ පාර්ෂවකරු සෑම දිනකම “ව්‍යාපාරික හමු” යැයි කියමින් ඔබව මගහරිනවා නම්, කාර්යබහුල බව කියමින් ඔබව ඇමතීම මගහරිනවා නම් ඔබ දෙදෙනාගේ සම්බන්ධතාවය පිලිබද නැවත සිතා බැලීමට කාලයයි.

8. ආදරය.


වඩාත්ම වැදගත් පරිණත සම්බන්ධතා අංගයක් වන්නේ ආදරය බෙදා ගැනීමට යුවළක් සතු හැකියාවයි. ඒනිසා එසේ ආදරය සුන්දරව බෙදා ගැනීමට ඔබ දෙදෙනාම උපක්‍රමශීලී විය යුතුයි.

ඔබේ පාර්ෂවකරුට ආදරය, ගෞරවය, සැලකිලිමත් බව ලබා දීමට කිසිම විටක අමතක කරන්න එපා. ඒ වගේම පාර්ෂවකරු සතුටු කිරීමට හැකි මාර්ග පිලිබදවත් නිරන්තරයෙන් සිතා බලන්න.

නමුත් ඔබට ඔබේ සම්බන්ධතාවයෙන් දැඩි වෙහෙසකර බවක් අපහසුතාවයක් දැනෙනවා නම් එය ශක්තිමත් පරිණත සමබන්ධයක් නොවන බව තේරුම් ගන්න.

(උපුටා ගැනීම අන්තර්ජාලයෙනි)