පියාට හසුවූ පාසල් ප්‍රේමය නිසා සිසුවියක් කර ගත් අපරාධය..!

17 හැවිරිදි  පාසල් සිසුවියක් තවත් තරුණයෙකු සමඟ පවත්වාගෙන ගිය ප්‍රේම සබඳතාවයක් සිය පියාට සහ සහෝදරයන් දැන ගැනීමත් සමඟ තමන් දිවිනසා ගන්නා බවට ලිපියක්‌ ලියා ඇය ඊයේ (18 දා) අලුයම සිය දිවි හානි කරගෙන තිබෙනවා.

මෙලෙස මියගොස් තිබුනේ  හල්මිල්ලවැව – ගනේගොඩ පදිංචි බී. එම්. ලංකා සෞභාග්‍යා නමැති ශිෂ්‍යාවක් වන අතර ඇය පසුගිය මාසයේ අපොස සාමාන්‍ය පෙළ විභාගයට ද පෙනී සිට තිබෙනවා.

දැරියගේ  ප්‍රේම සබඳතාවය දැන ගැනීමෙන් පසු පියා සහ සහෝදරයින් විසින් ඇයට බැන වැදී අතර ඒ හේතුවෙන් තමන් පවුලට කරදරයක්‌ බව පවසා සිය  ගෙවත්තේ පිහිටි ළිඳට පැන මෙලෙස සියදිවි හානි කරගෙන ඇති බවයි වාර්තා වුනේ.

මිය ගිය සිසුවියගේ මව මීට වසර කිහිපයක පෙර විදේශගතව ඇති අතර ඇය සිය පියා සහ සහෝදරයන් දෙදෙනා සමඟ නිවසේ ජීවත්ව තිබෙනවා.