ජනතාවගේ ඡන්ද අයිතිය වෙනුවෙන් ශ්‍රිලනිපය සහ පොහොට්ටුව අධිකරණයට

පළාත්සභා ඡුන්ද විමසීම පැවැත්වීමේ ක‍්‍රමවේදය පිළිබඳ ඉදිරියේදී ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට බලාපොරොත්තු වන බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර උදය ගම්මන්පිල අද ප‍්‍රකාශ කළා.

පළාත් සභා ඡුන්ද විමසීම සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ අද කැඳවූ මාධ්‍ය හමුවේදී ද අදහස් පළ වුණා. එහිදී අදහස් දැක්වූ එහි සභාපති මහාචාර්ය ජී එල් පීරිස් පැවසුවේ හිටපු මහ ඇමතිවරුන් දෙදෙනෙකු මේ සම්බන්ධයෙන් ඉදිරියේදී ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කරන බවයි.