අසාත් සාලිට එරෙහි විශ්වාසභංගය උඩින්ම පරාදයි…!එජාපයේ පිරිසක් අද වර්ජනයක…!


බස්නාහිර නව ආණ්ඩුකාර අසාද් සාලිට එරෙහිව තමන් විශ්වාසභංග යෝජනාවක් ගෙන එන්නේ ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ ද ඇතැම් මන්ති‍්‍රවරුන්ගේ සහයෙන් බව බස්නාහිර පළාත් සභාවේ විපක්‍ෂ නායක මංජු ශී‍්‍ර අරංගල පැවසුවත් එම යෝජනාව සදහා එජාප මන්ත්‍රිවරුන් 20ක් පමණ විරෝධය පළකර ඇති බව අපට වාර්තා වෙනවා…

වර්තමාන විපක්ෂනායකවරයා ලබනා කටුකතම පරාජයේ අමිහිරි අත්දැකීම මෙහිදි අද ඔහුට ලැබීමට නියමිත බව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරයෙක් අපට පැවසීය.

මෙම විශ්වාසභංග යෝජනාව සඳහා කරුණු රැස් කිරීම මේ දිනවල සිදුකරන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ. 

ආණ්ඩුකාරවරයාට එරෙහිව ගෙන එන විශ්වාසභංග යෝජනාවකට සහාය දැක්වීමට තරම් ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය අමනෝඥ නොවන බව බස්නාහිර ප‍්‍රධාන අමාත්‍ය ඉසුර දේවපි‍්‍රය මීට පෙර ප‍්‍රකාශ කළා. අසාද් සාලි ආණ්ඩුකාරවරයා ලෙස පත් කර ඇත්තේ ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා බවයි එහිදී වැඩිදුරටත් සිහිපත් කෙරුණේ. 

අප මේ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණෙන්ද මීට පෙර විමසීමක් කළා. ඔවුන් පැවසුවේ යෝජිත විශ්වාසභංගයට සහාය දෙන්නේද නැද්ද යන්න තීරණය කළ හැක්කේ එහි අන්තර්ගතය අධ්‍යයනය කිරීමෙන් පසුව බවයි.