යුධ හමුදා සාම සාධක බළකායට බෝම්බ ප්‍රහාරයක්: හමුදාවේ දෙදෙනෙක් මරුට

මාලි දේශයේ සාම සාධක කටයුතු සඳහා ගොස් සිටින ශ්‍රී ලංකා හමුදාවේ රථ පෙළක් ඉලක්ක කර ගනිමින් අද එල්ලවූ බෝම්බ ප්‍රහාරයකින් හමුදා සෙබළුන් දෙදෙනෙක් මිය ගොස් ඇති බව යුධ හමුදාව පවසනවා. 

මෙම ප්‍රහාරයන් යුධ හමුදාවේ කපිතාන්වරයෙක් සහ තවත් එක් සෙබෙලෙක් මිය ගොස් ඇති බවයි යුධ හමුදාව පවසන්නේ. මෙම බෝම්බ ප්‍රහාරයෙන් තවත් සෙබළුන් තිදෙනෙක් සුළු තුවලා ලබා තිබෙනවා. 

මෙම ප්‍රහාරයෙන් යුධ හමුදා පාබල රෙජිමේන්තුවේ කපිතාන් H.W.D. ජයවික්‍රම සහ යාන්ත්‍රික බලකායේ කෝප්‍රල් S.S විජේකුමාර ජිවිතක්ෂයට පත්ව ඇති බවයි යුධ හමුදාව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ.

මෙම ප්‍රහාරයෙන් කෝප්‍රල් M.G.S. කුමාරසිංහ (1 වන ඉංජිනේරු බලඝණය), ලාන්ස් කෝප්‍රල් K.C. පුෂ්පකුමාර (1වන ඉංජිනේරු බලකාය) සහ ලාන්ස් කෝප්‍රල් C.H.M.S. චන්ද්‍රසේකර (12වන ඉංජිනේරු බලකාය) තුවාල ලබා දැනට රෝහල් ගත කර තිබේ.

දැනට ලැබී ඇති වාර්තා අනුව දැක්වෙන්නේ ශ්‍රී ලංකාවේ සාම සාධක හමුදාවේ රථ පෙළ ඉලක්ක කර ගනිමින් දුරස්ථ පාලක යන්ත්‍රයක් උපයෝගී කර ගනිමින් මෙම බෝම්බය පුපුරුවා හැර ඇති බවයි.

දැනට මේ සම්බන්ධයෙන් මාලි හි පිහිටි එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා මුලස්ථානය පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති බව යුධ හමුදා මුලස්ථානය කියයි.