දරුවෙකු බිහි කරන්න ඉන්න බව දැනගෙන හිටියෙ නෑ – පාසල් දැරිය පොලිසියට කියපු අමුතු කතාව…!

මොණරාගල මැදගම පොලිස් බල ප්‍රදේශයේ පදිංචි එකොලහ ශ්‍රේණියේ ඉගෙනුම ලබන පාසල් දැරියක් සිය නිවසේ වැසිකිලිය තුලදී දරුවෙකු ප්‍රසූත කර තිබෙනවා. එම දැරිය දරුවා බිහි කිරීමෙන් පසු දැරියගේ මව විසින් ඇය රෝහල් ගත කර ඇති අතර මේ වන විට දැරිය සහ බිලිදා යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් බිබිල මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බවයි අප වාර්තාකරු පැවසුවේ.

අදාල සිදුවීම සම්බන්ධයෙන් පොලිසියට ලද තොරතුරක් අනුව  විමර්ශන ආරම්භ කර ඇති අතර එහිදී දැරිය පොලිසියට පවසා ඇත්තේ තමා දරුවෙකු බිහි කිරීමට සිටින බව නොදැන සිටි බවයි.තුනටිය ප්‍රදේශයේ ඇති වූ වේදනාවත් සමග තමා වැසිකිලියකට ගිය බවත් එහිදී මෙම දරුවා බිහි වූ බවත් දැරිය වැඩි දුරටත් පවසා තිබෙනවා.

මෙම දැරිය නිවස ආසන්නයේ ම පදිංචි තරුණයෙක් සමග ප්‍රේම සම්බන්ධතාවක් පවත්වා ඇති අතර එහිදී එම තරුණයා සමග අඹුසැමියන් ලෙස අවස්ථා කිහිපයක දී සිටි බවත් අවසන් වරට පසුගිය වර්ෂයේ මාර්තු මස එලෙස සිටි බව ඇය පොලිසියට පවසා තිබෙනවා. ඒ අනුව මෙම සිද්ධියට සම්බන්ධ සැකකරු මැදගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු එම ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු විසිදෙකක පුද්ගලයකු බවයි වාර්තා වුනේ.

සැකකරු බිබිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර මැදගම පොලිසිය ඉදිරි විමර්ශන කටයුතු සිදුකරනු ලබනවා.