සේනා දළඹු උවදුර වනසන දේශීය ඖෂධය අද සිට වගා බිමට

විනාඩි 10 කදී සේනා දළඹුවන් නසන ස්වභාවික ඖෂධය තෝරාගත් බඩඉරිගු වගාවන් වෙත ඉසීම අද ආරම්භ වනවා. කුලියාපිටිය මූණමල්දෙණියේ රාජජීව වෛද්‍යාචාර්යතුමන් විසින් සොයා ගනු ලැබූ එම ඖෂධය මහා පරිමාණයෙන් නිපදවීමට අවශ්‍ය යන්ත‍්‍රයක් සහ අමුද්‍රව්‍ය ලබාදීම ඉකුත්දා සිදු කෙරුණා. 

ඒ, ජනතා කි‍්‍රයාකාරී සංගමයේ සහයෝගයෙන්. එම යන්ත‍්‍රය සහ අමුද්‍රව්‍ය භාවිතයෙන් සකස් කර ගත් සේනා නසන ස්වභාවික ඖෂධය බවුසර් මගින් රැුගෙන ගොස් සේනා දළඹු උවදුරෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇති නොච්චියාගම, ගලෙන්බිදුණුවැව ඇතුළු ප‍්‍රදේශ කිහිපයක වගාවන් වෙත ඉසීම අද සිදු කෙරෙනවා.