ජනපති මෛත්‍රීගේ අතින් රොෂාන් ගුණතිලකට ,වසන්ත කරන්නාගොඩට ෆීල්ඩ් මාෂල් ධූරයන්

වසර 2009 දී කොටි යුදමය වශයෙන් පරාජය කරන සටනට නාවුක හා ගුවන් හමුදාවන්ට එවකට නායකත්වය දුන් හිටපු ගුවන් හමුදාපති එයාර් මාෂල් රොෂාන් ගුණතිලක හා හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ යන මහත්වරුන්ටද ෆීල්ඩ් මාෂල් තනතුර හා සමාන බලැති ඒ ඒ හමුදාවන්ට අදාල වන නිලයන් පිරි නැමීම සදහා සූදානමක් ඇති බව ජනාධිපති කාර්යාලයේ ආරංචි මාර්ග පවසයි.

ෆීල්ඩ් මාෂල් පදවි පිරිනැමීම සඳහා නිත්‍යනුකූල බලය ඇත්තේ මෙරට සේනාධිනායක ලෙස ජනාධිපතිවරයාටය.

සේනාධිනාකයා වන ජනාධිපතිවරයා ෆීල්ඩ් මාෂල් පදවි පිරිනැමීමට නිත්‍යනුකූල බලය හිමිව ඇති අතර හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාට ෆීල්ඩ් මාෂල් තනතුර පිරිනමන ලද්දේ ඒ ආකාරයෙන්ය.

පසුගිය කාලයේ හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතාට යුද්ධයේදී කළ සේවාව වෙනුවෙන් ෆීල්ඩ් මාෂල් පදවියක් පිරිනැමීය.

යුද්ධය ජයගැනීමේ කාර්යයේදී තවත් සුවිශේෂී මෙහෙවරක් කළ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට පසුගිය රජය සමයේ යුද හමුදාවේ ගෞරවනීය ඉහළම නිලයක් ප්‍රදානය සඳහා යෝජනා විය.

ගෝඨාභය රජපක්ෂ මහතා එම නිලය භාරගැනීම ප්‍රතික්ෂේප කළේය.