රටට අභිමානයක් ගෙනෙමින් ශ්‍රි ලංකාවේ හැදූ සුපිරි මිසයිලය ප්‍රථම වරට නිදහස් උත්සවයේදී…!

මෙරට ප්‍රථම වරට නිපදවන ලද යුද උපකරණ කිහිපයක් 71 වැනි ජාතික නිදහස් දින උළෙලේදී ත්‍රිවිධ හමුදා සහ පොලිස් ආචාර පෙළපාළියේදී ගෙන යෑමට නියමිත බව වාර්තා වේ.

මෙම යුද උපකරණ නිර්මාණය කරන ලද ආචාර්ය චන්දන පෙරේරා, බ්‍රිගේඩියර් ආචාර්ය තිරාන් ද සිල්වා යන නිලධාරීන් ඇතුළු ශිල්පීන් හට තමා සුබපතන බවත් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මාධ්‍යට ප්‍රකාශ කළේය.

තම ආණ්ඩුව පැවැති කාලයේදී හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ උපදෙස් පරිදි මෙම යුද උපකරණ ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය සඳහා අවශ්‍ය විශේෂඥ උපදෙස් සහ පුහුණුව අදාළ නිලධාරීන් හට ලබාදුන් බවත්, ප්‍රථම වරට අප රට තුළ මේ ආකාරයේ යුධෝපකරණ නිෂ්පාදනය කිරීම විශේෂ අවස්ථාවක් බවත් විපක්ෂ නායකයා පෙන්වා දෙයි.

මේ ආකාරයට ශ්‍රී ලාංකික ශිල්පීන් නිර්මාණය කරන ලද මිසයිලයක්, මල්ටිබැරල් රොකට් ආදිය 71 වැනි ජාතික නිදහස් දින උත්සවයේ ආචාර පෙළපාළියට එක් කිරීමට නියමිත බව වාර්තා වේ.