ආණ්ඩුකාර ධුරයක් ලබා ‌නොදුන් නිසා ASP ලියනගේ අස්වෙලා ‌ගෙදර යයි…!

කටාර් රාජ්‍යයේ ශ‍්‍රී ලංකා තානාපති ලෙස කටයුතු කළ ඒ. එස්. පී. ලියනගේ එම ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා.

ඉල්ලා අස්වීමේ ලිපිය තමන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා වෙත යොමු කළ බවයි අප විමසීමක දී ඔහු කියා සිටියේ.

තමන්ට ආණ්ඩුකාර ධුරයක් ලබා නොදීම හේතුවෙන් තානාපති ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බවයි ඒ. එස්. පී. ලියනගේ මෙහිදී සඳහන් කළේ.