ජනපති නියෝගයෙන් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරිවරයාට වසරක සේවා දිගුවක්

ශ‍්‍රී ලංකා පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම් ආර් ලතීෆ්ට වසරක සේවා දිගුවක් ලබා දී තිබෙනවා. ඒ සඳහා ජනාධිපතිවරයා කළ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇති බවයි අප වෙත වාර්තා වුණේ. ජනාධිපතිවරයා අදාළ යෝජනාව ගෙන ආ අවස්ථාවේ කැබිනට් මණ්ඩලයේ සියලූ දෙනා අත්පොලසන් නාද දෙමින් ඊට සහය පළ කළ බවද සඳහන්.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම් ආර් ලතීෆ් අද විශ‍්‍රාම යාමට නියමිතව සිටියා. හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය ජාවාරම මෙන්ම මෙරට ක‍්‍රියාත්මක සංවිධානාත්මක අපරාධ මර්දනය කිරීම සදහා පොලිස් විශේෂ කාර්ය බලකායට ඉකුත් සමයේ නායකත්වය ලබාදුන්නේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම් ආර් ලතීෆ්. ඔහුගේ නායකත්වය යටතේ ඉකුත් මාස 06ක කාලය තුළ පමණක් අත්අඩංගුවට ගෙන ඇති හෙරොයින් ප‍්‍රමාණය කිලෝග‍්‍රෑම් 798ක්.