ජාතික ආණ්ඩුවට ගියොත් ශ්‍රිලනිප මන්ත්‍රින්ගේ මන්ත්‍රිධූර අහෝසියි.. විශ්‍රාම වැටුපත් නෑ…


ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රිවරුන් ජාතික ආණ්ඩු යෝජනාවට පක්ෂව ඡන්දය භාවිතා කළහොත් විනය ක්‍රියාමාර්ග ගන්නා බව නිදහස් පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර පවසනවා.

අද (05) පක්ෂ මුලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවදී පක්ෂ මහලේකම් මේ බව සඳහන් කළා.

සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල විසින් ජාතික ආණ්ඩුවක් බිහිකර අමාත්‍යධූර වැඩි කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීමට යෝජනාවක් කතානායකවරයා වෙත ඉකුත් දා භාර දුන්නා.