ඩුබායිහිදී අත්අඩංගුවට ගත් මාකදුරේ මධූෂ් මෙරටට ගෙන්වීමට ජනපතිගෙන් නියෝග

පාතාල කල්ලි නායකයෙක් වන මාකඳුරේ මදූෂ් ඇතුළු පස් දෙනෙක් ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

මෙරට ප්‍රධාන පෙලේ නීති විරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම් රැසකට සම්බන්ධ පාතාල නායකයෙකු වන මාකඳුරේ මදූෂ් විවිධ අපරාධ රැසකට සම්බන්ධව පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීමට සිටි පාතාල නායකයෙකි.

මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඩුබායි රාජ්‍ය බලධාරීන් සමඟ කළ ඉල්ලීමට අනුව මාකදුරේ මධූෂ් වහාම ලංකාවට රැගෙන එන ලෙස අදාල ආරක්ෂක නිළධාරීන්ට දන්වා තිබේ.

මෙසේ අත්අඩංගුවට පත්වූ පිරිස අතර ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ගායකයෙක්ද සිටින බවට තොරතුරු වාර්තා වෙයි.

ඩුබායි ‌හෝටලකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදි ඔවුන් සන්තකයේ මත්කුඩු තිබි ඇති බවටත් තොරතුරු වාර්තා වෙයි.

කෙසේවෙතත් නීතිවිරෝධි මත්ද්‍රව්‍ය මැඩලීමට ජනාධිපතිවරයාගේ උපදෙස් මත ක්‍රියාත්මක වැඩපිළිවෙල යටතේ ආරක්ෂක අංශ ප්‍රධාන පෙලේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් නීතියේ රැහැනට හසු කරගැනීමට පසුගිය කාලය තුළ ක්‍රියාත්මක කෙරිණි.