රේගු සේවකයන් සටනින් ජයගනී… මංගල කුජීතයි..පි.එස්.එම්. චාල්ස් යලි රේගු අධ්‍යක්ෂක ජෙනරාල් තනතුරට


ශී‍්‍ර ලංකා රේගුවේ හිටපු අධ්‍යක්‍ෂ ජනරාල් පී එස් එම් චාල්ස් යළි එම ධූරයට පත් කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. ඇය එම ධූරයෙන් ඉවත් කරමින් රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ලෙස රියර් අද්මිරාල් ශමෙල් ප‍්‍රනාන්දු පත් කිරීමට ඉකුත් සතියේ කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් වූ අතර ඊට අනුමැතිය හිමිව තිබූ බවයි වාර්තා වන්නේ.

පී එස් එම් චාල්ස්, රේගු අධ්‍යක්‍ෂ ජනරාල් ධූරයෙන් ඉවත් කිරීමට විරෝධය පළ කරමින් රේගු වෘත්තීය සමිති අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති කි‍්‍රයාමාර්ගයක් ද ආරම්භ කළා. එම වෘත්තීය කි‍්‍රයාමාර්ගයට අදට සතියක්.
 
පී එස් එම් චාල්ස් යළි රේගු අධ්‍යක්‍ෂ ජනරාල් ධූරයට පත් වන්නේ නම් තම වෘත්තීය සමිති කි‍්‍රයාමාර්ගය නතර කරන බවයි රේගු වෘත්තීය සමිති ප‍්‍රකාශ කළේ.