සිංගප්පූරුවට යන්න හැදූ ඇලෝසියස්ට අධිකරණයෙන් වාරණයක්…!

මහ බැංකු බැඳුම්කර වංචාවට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණවලදී විදේශ ගමන් තහනමකට ලක්ව ඇති පර්පචුවෙල් ට්‍රෙෂරීස්ස් සමාගමේ සභාපති ජෙෆ්රි ඇලෝසියස්  සිංගප්පූරුවට යෑමට කළ ඉල්ලීම  කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (05) ප්‍රතික්ෂේප කළා.

කෙසේවෙතත් ජෙෆ්රි ඇලෝසියස්ට මේ මස 13 සිට 20 දක්වා ඉංදියාවේ සංචාරය කිරීමට ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න අවසර ලබා දුන්නා.

වෛද්‍ය ප්‍රතිකාර හේතූන් මත සිංගප්පූරුවට යෑමට අවසර ලබා දෙන ලෙසට ඔහු ඉල්ලීමක් කර තිබුණත් එය තහවුරු කිරීමට ලේඛන නොමැති නිසා ප්‍රතික්ෂේප කර තිබුණා.

ඉල්ලීම තහවුරු කිරීමට ලේඛන නොමැති බැවින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම ඉල්ලීමට විරෝධය පළ කර තිබුණා. අදාල ලේඛන සමග එම ඉල්ලීම පෙබරවාරි මස 25 වැනිදා තහවුරු කරන ලෙසට මහේස්ත‍්‍රාත්වරිය  ජෙෆ්රි ඇලෝසියස්ගේ නීතිඥවරුන්ට උපදෙස් ලබා දුන්නා.

ජෙෆ්රි ඇලෝසියස් මහ බැංකු බැදුම්කර නඩුවේ සැකකරුවකු වන අර්ජුන ඇලෝසියස්ගේ පියායි.