හෙරොයින් කිලෝග්‍රෑම් 110ක් අත්අඩංගුවට


හෙරොයින් කිලෝග්‍රෑම් 110ක් සමග සැකකරුවන් තිදෙනෙක් වැල්ලවත්ත සහ පිළියන්දල ප්‍රදේශයේදී සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සුරාබදු දෙපාර්තමේන්තුවේ විශේෂ වැටලීම් ඒකකය විසින් වැල්ලවත්ත ප්‍රදේශයේදී හෙරොයින් කිලෝග්‍රෑම් 10ක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර එහිදී එම සැකකරුවන් දෙදෙනා ගෙන් ලැබුණු තොරතුරු මත පිළියන්දල ප්‍රදේශයේ  නිවසකින් තවත් හෙරොයින් කිලෝග්‍රෑම් 100ක් සමග සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සුරාබදු දෙපාර්තමේන්තු නිලධාරීන් සදහන් කරන්නේ මෙම හෙරොයින් තොගය මිට දින කිහිපයකට ඉහතදී මිගමුව ප්‍රදේශය හරහා මෙරටට මුහුදු මාර්ගයෙන් රැගෙන එන්නට ඇති බවයි. අත්අඩංගුවට ගත් හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් කෝටි 110කට අධික බවයි.