ජනතාවට පේන්න මාස දෙකක් අඩු කල ඉන්ධන මිල අද රාත්‍රීයේ යලි ඉහළට..!

ඉන්ධන මිල සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා මිල සූත‍්‍ර කමිටුව අද (11) පස්වරුවේ රැස්වීමට නියමිතව තිබේ.

මුදල් අමාත්‍යංශයේ ප‍්‍රකාශකයෙකු පැවසුවේ ඉන්ධන මිල අඩු හෝ වැඩි කිරීම සම්බන්ධයෙන් එහිදී තීරණයක් ගනු ඇති බව ය.

සෑම මසකම 10 වැනිදා මිල සූත‍්‍ර කමිටුව රැස්වී ඉන්ධන මිල සංශෝධනය පිළිබඳ තීරණයක් ගනු ලබයි. කෙසේ වෙතත් ඊයේ (10) නිවාඩු දිනයක් වූ බැවින් අද දිනයේ එම කමිටුව රැස්වන බව මුදල් අමාත්‍යංශයේ ප‍්‍රකාශකයා කියා සිටියේ ය.

ඉකුත් ජනවාරී මස 10 වැනිදා ඉන්ධන මිල සංශෝධනය අනුව පෙට‍්‍රල් සහ ඞීසල් ලීටරයක මිල රුපියල් 02 බැගින් අඩු කෙරුණි.