එක්ව සිතන්න – එක්ව හැදෙන්න ‌තේමාවෙන් “#එකටසිටිමු” සමාරම්භය අති සාර්ථකයි…!

එක්ව සිතන්න – එක්ව හැදෙන්න යන තේමාව අරමුණු කොටගෙන ජනාධිපති විශේෂ ව්‍යාපෘති අංශය , ශ්‍රී ලංකා යුද්ධ හමුදාව, ආරක්ෂක අමාත්‍යංශය එක්ව සංවිධාන කරන එකට සිටිමු ජාතික ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවය අද සවස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය ඉදිරිපිට දී සිදුවු අතර උත්සවය සවස 5.00 ට ආරම්භ විය..

ඒ හා සමගාමී සජීව විකාශය ෆේස්බුක් හරහා ද සවස 5.55 සිට පැයක කාලයක් දේශීය රුපවාහිනී නාලිකා මගින් සජීව විකාශය කිරීමද විශේෂත්වයකි..


මේ මොහොතේ රටක් ලෙස ඉදිරියට යාමට නම් සියලු භේද ඇත හැර එක්ව ක්‍රියා කළයුතු බව තරයේ විශ්වාස කරමින්, රට වෙනුවෙන් මේ සුවිසල් ක්‍රියාන්විතය බල ගන්වන බව එහි සංවිධායක වරුන් පවසනවා. ඉදිරියේදී සියළු දේශමාමක බලවේග එකට එකතු කර ගනිමින් රටේ උන්නතිය උදෙසාම කටයුතු කිරීමට #එකටසිටිමු ව්‍යාපෘතිය ක්‍රියා කරන බවයි ඔවුන් පවසන්නේ.
ඉතාමත් අලංකාර සංස්කෘතික දැක්මකින් ද මෙම සමාරම්භක උත්සවය වර්ණවත් වුු අතර යුද හමුදා තුර්ය වාදන, අබාධිත රණවිරු දස්කම්, අංගම්පොර දර්ශන, ඇතුළු විවිධ සංස්කෘතික අංග මෙහි ඇතුලත් විය.

ඒ සඳහා නිර්මාණය කළ තේමා ගීතය පහලින්

ඒ සඳහා නිර්මාණය කළ දැන්වීමක් පහලින්

එක්ව සිතන්න එක්ව හැදෙන්න #එකටසිටිමු සජීව විකාශයஒன்றுபட்டு சிந்திப்போம்… ஒன்றுபட்டு எழுவோம்….#எகடசிடிமு நேரடி ஒளிபரப்பு.

Posted by Maithripala Sirisena on Tuesday, 12 February 2019