මත්ද්‍රව්‍ය ඇල්ලිමේ ගෞරවය ජනපති මෛත්‍රීට යා යුතුයි – එජාප මන්ත්‍රී රන්ජන් රාමනායක

මාකඳුරේ මධූෂ් අත්අඩංගුවට ගැනිමේ මෙහෙයුමේ පූර්ණ වගකීම පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී ලතීෆ් මහතාට හිමිවිය යුතු බව රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පවසා සිටී.

(11දා) මහනුවර – කුරුණෑගල අධිවේගී මාර්ගයේ නිරික්ෂණ චාරිකාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාටත් එහි ගෞරවය යා යුතු බවත් ඔහු පැවැසීය.

එසේම කෙකෙන් පානය කරන කැබිනට් අමාත්‍යවරු පවා සිටින බවත් ඔහු පැවැසීය.

මත්කුඩු ව්‍යාපාරිකයන් තමන්ට විරුද්ධව නඩු දමා ඇති බවත් මත්කුඩු වෙනුවෙන් පෙනී සිටින කලාකරුවන්ට සමග තමන් ගනුදෙනු නොකරන බවත් ඔහු පැවැසීය.දේශපාලකයන් මධූෂ් සමග සම්බන්ධ බවත් ඔහු පැවැසීය.