හතුරුසිංහගේ අවසන් අවස්ථාව අදින් ඇරඹෙයි – තරගයට එන කණ්ඩායම වෙබ් අඩවි කියයි

ශ්‍රි ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට්,එක්දින සහ විස්සයි -විස්ස තරගවලින් අද පස්වරු 1.30ට දකුණු අප්‍රිකානු වේග තණතිලි මත ආරම්භ වීම ට නියමිත ය.

දිමුත් කරුණාරත්න නායකත්වය දරන පළමු ටෙස්ට් තරගය මෙය වන අතර ආරම්භ වීමට නියමිත අතර අද උදෑසන වනවිට තරගයට ක්‍රීඩා කරන කණ්ඩායම පිළිබදව තොරතුරු ඉන්දීය ක්‍රිකට් වෙබ් අඩවියක් වන ක්‍රික් බස් වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

විශේෂයෙන්ම මෙම තරගයේ ක්‍රීඩා කරන කණ්ඩායම සකස් කිරිමේ කාර්යය සම්පූර්ණයෙන්ම චන්දික හතුරුසිංහගෙන් ඉවත්ව තිබෙන අතර තේරීම් කමිටුව සහ නායක දිමුත් කරුණාරත්න එක්ව කණ්ඩායම සකස් කර තිබේ.

මේ අතර චන්දික හතුරුසිංහගේ අවසන් අවස්ථාව මෙම තරගාවලිය සමග ඇරඹෙනු ඇති බව විචාරකයින් සදහන් කර සිටී.

කණ්ඩායම පහතින්
දිමතු කරුණාරත්න
ළහිරු තිරිමාන්න
ධනංජය ද සිල්වා
කුසල් මෙන්ඩිස්
කුසල් පෙරේරා
නිරෝෂන් දික්වැල්ල
මිලින්ද සිරිවර්ධන
සුරංග ලක්මාල්
ලක්ෂාන් සදකැන්
විශ්ව ප්‍රනාන්දු
කසුන් රාජිත