ජනපති උපදෙස් නොතකා පාසැල් සිසුන්ට ටැබ් දෙලක්‍ෂයක් ගෙන්වයි.. බිලියනක් රටට පාඩුයි..

උසස් පෙළ සිසුන්ට ටැබ් පරිගණක ලබා දීමේ වැඩපිළිවෙල මගින් රුපියල් මිලියන දාහක පමණ අලාභයක් සිදු වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා සඳහන් කරයි.

මෙමගින් අයථා කොමිස් ගැසීමක් ද සිදුවන බව පෙනෙන්නට ඇතැයි මන්ත්‍රීවරයා පවසයි.

උසස් පෙළ සිසුන්ට සහ ගුරුන්ට අත්හදා බැලීමේ ව්‍යාපෘතියක් ලෙස ටැබ් පරිඝණක ලබාදීමට ජනාධිපතිවරයා විසින් යෝජනා කර තිබුනද අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ටැබ් ලක්ෂ දෙකක් ගෙන්වීමට පියවර ගෙන ඇති බවත් මන්ත්‍රීවරයා කියා සිටියේය.

නව ටෙන්ඩරයක් කැඳවන්නේ නැතිව පසුගිය වසරේ ටෙන්ඩරයක් අනුව මෙය සිදුකර ඇති බවත් මෙමගින් මිලියන 1000ක පමණ අවාසියක් රටට සිදුවන බවත් ඔහු කියා සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවක දීය.