මෛත්‍රී-මහින්ද සාකච්ඡාවලින් පසුව ජය ගත හැකි අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවා

මෛත්‍රී-මහින්ද සාකච්ඡාවලින් පසුව ජය ගත හැකි අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවා

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ එකඟත්වයෙන් යුතුව ඉදිරි ජනාධිපතිවරණය සඳහා ජයගත හැකි අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් මහින්ද අමරවීර මහතා පවසයි.

ඊයේ(14) ලුණුගම්වෙහෙර ප්‍රදේයේදී මාධ්‍යවේදීන් යොමුකළ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

DIG නාලක සිල්වා හා මාකඳුරේ මධූෂ් අතර ඇතැයි පැවසෙන සම්බන්ධය ගැන මාධ්‍යවේදීන්ට පිළිතුරු දෙමින් අමරවීර මහතා කියා සිටියේ, ජනාධිපති ඝාතන ක්‍රමන්ත්‍රණයේ දී ද නාලක සිල්වාගේ නම සඳහන් වන බවයි.

එමෙන්ම මධූෂ් පිළිබඳ රටේ විශාල අවධානයක් යොමුව ඇති බවත්, ජනාධිපතිවරයා මත්ද්‍රව්‍ය උවඳුරින් ජනතාව මුදවා ගැනීමට ගෙන යනු ලබන වැඩපිළිවෙළේ එක් පියවරක් ලෙස මොවුන් අත්අඩංගුවට ගෙන තිබෙන බව ද අමරවීර මහතා කියා සිටියේය.

මේ පිළිපඳ අද වන විට පුළුල් පරීක්ෂණයක් සිදු කරන බවත් එහිදී වැරදිකරුවන්ට දඩුවම් ලබා දීමට බලාපොරොත්තු වන බව ද සඳහන් කළේය.

බැසිල් රාජපක්ෂ මහතා දෙසැම්බර් මාසයේ පත් කරන ජනාධිපතිවරයෙක් සම්බන්ධයෙන් පවසන බවට අමරවීර මහතාගෙන් අසන ලද පැනයට පිළිතුරු ඒ මහතා කියා සිටියේ එය පැහැදිලි ලෙසම මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හා මහින්ද රාජපක්ෂ මහතාගේ සාකච්ඡාවෙන් අනතුරුව තීරණය කරනු ලබන බවයි.