වෙඩි කෑ “කුඩු චූටි” පාතාල ලොක්කො 2කගේ අනියම් බිරිය

කොළඔ කොටහේන මැල්වත්ත ප්‍රදේශයේ පිහිටි නිවසකට යතුරුපැදියකින් පැමිණි නාදුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු එල්ල කල වෙඩි ප්‍රහාරයකින් ආශා ෆාරී (කුඩු චූටි) නැමැති කාන්තාව තුවාල ලබා ඊයේ (14) කොළඔ ජාතික රෝහලට ඇතුලත් කර ඇත. 

මෙසේ වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති කාන්තාව මුස්ලිම් පාතාල නායකයින් දෙදෙනෙකුගේ අනියම් බිරිය ලෙස කටයුතු කළ තැනැත්තියක් බව පැවසේ.

ඇය පාතාල මර්ධන ඒකක අතින් මරුමුවට පත්වූ මාළිගාවත්තේ සිටි මුස්ලීම් පාතාල නායකයෙකු වන “මාළිගාවත්ත ෆාජි” ගේ හා දැනට ඩුබායිහිදී මාකදුරේ මදූෂ් සමඟ කොටුවී සිටින මුස්ලීම් පාතාල නායකයෙකු වන “කන්ජි පානී ඉම්රාන්” ගේ අනියම් බිරිඳ බව පොලිසිය කියයි.
කුඩු ජාවාරමේ නිරත මෙම කාන්තාවගේ මූහුණට හා පපුවට වෙඩි වැදී ඇතැයි පොලිසිය පවසයි.