සියල්ල තීන්දුයි… මධුෂ් ඇතුළු පිරිස ලංකාවට පිටුවහල් කරන දිනය මෙන්න..!

ඩුබායි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති මාකදුරේ මධුස් ඇතුළ පිරිස පලමුව එම පිරිස ඩුබායි අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අධිකරණ තීන්දුවට අනුව කටයුතු කරන බවද දන්වා තිබේ.

අධිකරණයෙන් දඬවම් නියම කලහොත් අදාල දඬුවම ගෙවා අවසන් කල පසු ශ‍්‍රී ලංකාවට පිටුවහල් කල හැකි බවද ඩුබායි බලධාරීන් විසින් සදහන් කර ඇත.

ඩුබායි නීතිය අනුව තහනම් ද්‍රව්‍යය භාවිත කරන්නන්ට වසර 10ක් දක්වා උපරිම සිර දඬුවමක් නියම කෙරෙයි.

මේ අතර මාකඳුරේ මදුෂ් ඩුබායි රාජ්‍යයට පැන යෑමෙන් පසුව වරින් වර අවස්ථා තුනකදී ධීවර යාත්‍රාවලින් මෙරටට පැමිණ හොර රහසේම පිටවී ගොස් තිබෙන බවට තොරතුරු හෙළිවී ඇතැයි රහස් පොලිසිය පවසයි.

මධුෂ් මේ අවස්ථා 3 දිම මෙරටට පැමිණ ඇත්තේ මාතර, මිරිස්ස වෙරළ තීරයෙත් බවත් ඩුබායි සාදයේදී අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයකුගේ නිවසට පළමුවෙන්ම පැමිණ පසුව වෙස්වලාගෙන විවිධ ප්‍රදේශවලට ගොස් සිදුවීම් කීපයක් මෙහෙයවා ඇති බවද රහස් පොලිස් විමර්ශනවලදී හෙළි වී ඇත.

මදූෂ් ඩුබායි සිට මෙරටට පැමිණීමෙන් පසුව නිතර පරිහරණය කර ඇත්තේ ඩුබායි සාදයේදී අත්අඩංගුවට ගනු ලැබු විශේෂිත පුද්ගලයකුගේ මෝටර් රියක් බවටද තොරතුරු හෙළිවී ඇතැයි රහස් පොලිස් ආරංචිමාර්ග වලින් පැවසෙයි.

මධූෂ් ඩුබායි සිට මෙරටට පැමිණිමට බහුදින ධීවර යාත්‍රා සෑපයූ පුද්ගලයා ගැනද මේ දිනවල සෙවිල්ලෙන් පසුවන බව රහස් පොලිසිය කියයි.

මේ අතර මධූෂ්ගේ ඩුබායි සාදයට සම්බන්ධ වු කඹුරුපිටියේ පුද්ගලයන් තිදෙනකුගේ නිවසේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් පසුගියදා පරික්ෂා කර ඇත. එහිදී ඒ නිවෙස්වල කිහිප දෙනකුගෙන්ද ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන ඇතැයි පොලිස් ආරංචිමාර්ගවලින් පැවසේ.

ඩුබායි සාදයට සහභාගි වූ පිරිසේ දකුණු පළාතේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ද සිටින බව එම ආරංචිමාර්ග නැවත තහවුරු කර තිබේ.