උතුරේ බෞද්ධ වැඩවලට මගේ ආරක්ෂාව තියෙනවා.. බාධා කිරිම් නෑ – ආණ්ඩුකාර සුරෙන් රාඝවන්

උතුරේ වෙහෙර විහාර පවත්වාගෙන යෑමට හෝ බෞද්ධාගමික කටයුතුවලට තමා කිසිදු ආකාරයකින් තමන් බාධා නොකරන බවත්, එවැනි බාධාකිරීම්වලට ඉඩ නොතබන බවත්, උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා ඉකුත් සිකුරාදා (15 දා) මල්වතු අස්ගිරි මහානායක ස්වාමීන්‍ද්‍රයන් වහන්සේ බැහැ දකිමින් පැවසීය.

උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා දළදා වහන්සේ වැඳපුදා ගනිමින් මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ‍්‍රී සිද්ධාර්ථ සුමංගල මාහිමි සහ අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ‍්‍රී ක්‍ඳාණරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ ද බැහැ දකිමින් සුහද සාකච්ඡුාවේ යෙදුණේය.

සියලූ ආගමික නිදහස තම පළාතේ පැවතිය යුතු බව තම මතය බවත් ඇතැමුන් ප‍්‍රචාරය කරන ආකාරයෙන් බෞද්ධ සිද්ධස්ථානවලට හානියක් සිදු කිරීමට හෝ මහා සංඝයා වහන්සේගේ ශාසනික කටයුතුවලට කිසිදු බාධාවක් තමන්ගෙන් සිදුවීමට ඉඩ නොතබන බවත් ආණ්ඩුකාරවරයා මල්වතු මහ නාහිමි හමුවේ පැවැසීය.

උතුරේ ගැටලූ ඇති කරන්නේ ඇතැම් දේශපාලකයන් මිස ජනතාව නොවන බව ද ආණ්ඩුකාරවරයා පැවසීය.

උතුරේ බෞද්ධ ආගමික කටයුතුවලට කිසිදු ආකාරයකින් බාධාවක් කිරීමට තමා ඉඩ නොතබන බව ආණ්ඩුකාරවරයා මල්වතු මහ නාහිමි ඉදිරියේ ප‍්‍රකාශ කළේය.

මල්වතු මහානායක ස්වාමීන්‍ද්‍රයන් වහන්සේ අදහස් දක්වමින් බෞද්ධ වෙහෙර විහාර මෙන්ම හින්දු කෝවිල් හා මුස්ලිම් දේවස්ථාන ඇතුළු පූජනීය ස්ථාන නිරුපද්‍රිතව උතුරුකරයේ පවත්වාගෙන යෑමට නිදහස තිබිය යුතු බව අවධාරණය කළහ.

අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ‍්‍රී ක්‍ඳාණරතන ස්වාමීන්‍ද්‍රයන් වහන්සේ බැහැ දකිමින් ආණ්ඩුකාර රාඝවන් මහතා ලබන මස උතුරේදී මහා සංඝ සමුළුවක් පැවැත්වීමට කටයුතු සම්පාදනය කරමින් යන බව පැවසීය.

ඉකුත් තිස්පස් වසරක් තිස්සේම උතුරුකරයේ සංවර්ධනයක් ඇති නොවූයේ කළහකාරී සිද්ධීන් නිසා යැයි ද ආණ්ඩුකාරවරයා පැවැසීය.

උතුරු පළාතට ද්‍රවිඩ ජාතික ආණ්ඩුකාරවරයකු පත් වූයේ මෙවර වසර 30 කට පමණ පසුව බව ද හෙතෙම පැවසීය.

උතුරේ ජනතාව මුහුණ පා තිබෙන උග‍්‍ර ප‍්‍රශ්නය පිරිසිදු පානීය ජලය බව ද මෙම ප‍්‍රශ්නය විසඳීමට භූගත ජලය ලබා ගැනීමට පියවර ගත යුතුව තිබේ යැයි ද හෙතෙම තවදුරටත් පැවැසීය.

තමන් කිසි ලෙසකින් හෝ බුදු දහමට නිගරු කරන්නකු නොවන බව පැවසූ ආචාර්ය රාඝවන් මහතා තමා බුදු දහම ඉගෙන ගත්තේ පූජ්‍ය උඩුරාවල චන්‍ද්‍රානන්ද ස්වාමීන්‍ද්‍රයන් වහන්සේගෙන් බව ද පැවැසීය.

උතුරේ මහජන නියෝජිතයන් කීපදෙනෙක් ද ආණ්ඩුකාරවරයා සමග පැමිණ සිටියහ.

ශ‍්‍රී දළදා මාලිගාවේදී දියවඩන නිලමේ ප‍්‍රදීප් නිලංග දෑල මහතා විසින් ආණ්ඩුකාරවයා පිළිගනු ලැබීය.