රනිල්ගේ ආසාවට ඉඩදෙමින් පලාලි ගුවන්තොටුපල විකුණා දැමීමට එජාපය සැරසෙයි…!

පලාලි ගුවන් තොටුපළ ඉන්දියාවට විකුණා දැමීම සඳහා ආණ්ඩුව සැලසුම් කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජිත් ද සොයිසා පවසා සිටී.

අමාත්‍ය අර්ජුණ රණතුංග ඉකුත් දා යාපනයේ කළ සංචාරයේදී පලාලි ගුවන් තොටුපළ සම්බන්ධයෙන් සිදු කළ ප‍්‍රකාශයෙන් ඒ බව සනාථ වන බව මන්තී‍්‍රවරයා පෙන්වා දෙයි.

“මේ ප්‍රකාශය ගැඹුරින් අධ්‍යනය කරලා බැලුවාම අපිට තේරුම් යන්නේ රජයේ පසුගිය දිනවල තිබුණු වැඩපිළිවෙලයි. පලාලි ගුවන් තොටුපල ඉන්දියාවට විකුණා දැමීමටයි රජය මගින් උත්සහ ගන්නේ. මේක මේ රටේ ජාතික ආරක්ෂාවට බරපතල තර්ජනයක් විය හැකි කරුණක් වෙයි.” යනුවෙන් මන්ත්‍රීවරයා කියා සිටියේ ය.

තවත් තොරතුරු බලාපොරොත්තුවන්න