ජනතාවට නොකියාම එජාප ආණ්ඩුව සිමෙන්ති සහ බ්ලොක් ගල් මිල ඉහළ දමයි….!

සිමෙන්ති මිල හදිසියේ ඉහළ යාමත් සමග සිමෙන්ති ආශි‍්‍රත සෙසු නිෂ්පාදනවල මිලද ඉහළ දැමීමට සිදුවන බව ගොඩනැගිලි ද්‍රව්‍ය අළෙවිකරුවන් පවසනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ බ්ලෝක් ගල් මෙන්ම සිමෙන්ති මල් පෝච්චි මිල ගණන් ද සුළු වශයෙන් හෝ වැඩි වනු ඇති බවයි. ඒ අනුව දැනට රුපියල් 30 ත් 35 ත් අතර මිලකට අළෙවි වන බ්ලොක් ගලක මිල රුපියල් 5 කින් පමණ ඉහළ යනු ඇති.

වෙළදපොළේ සිමෙන්ති කොට්ටයක මිල රුපියල් සියයකින් ඉහළ ගොස් ඇති බව වෙළදපොල ආරංචි මාර්ග පවසනවා. ඒ අනුව මේ වනවිට වෙළදපොලේ සිමෙන්ති කොට්ටයක් අළෙවි වන්නේ රුපියල් 1,095 කටයි.

සිමෙන්ති මිල වැඩි කරන්නේ නම් අදාළ සමාගම් පාරිභෝගික සේවා අධිකාරියෙන් අවසර ගතයුතු වනවා