ජනපති මෛත්‍රිගෙන් කුඩා ව්‍යාපාරිකයන්ට සහන මල්ලක්…! ලියාපදිංචි ගාස්තුවත් පහළට…

මෙරට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් නගා සිටුවීමේ අරමුණින් කුඩා ව්‍යාපාර ලියාපදිංචි කිරීමේදී අය කෙරෙන ගාස්තු අඩු කිරීමට පියවර ගන්නා බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසා සිටී.

මෙම වසරේ ග‍්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරයේ ප‍්‍රතිලාභ බෙදාදීම වේගවත් කිරීමට ග‍්‍රාම ශක්ති ජාතික සතිය ප‍්‍රකාශයට පත් කරමින් ජනාධිපතිවරයා මේ බව සදහන් කර සිටියේ ය.

ග‍්‍රාම ශක්ති ජනතා වැඩපිළිවෙල නාගරික දිළිදු ජනතාව වෙතද ව්‍යාප්ත කිරීමේ වැදගත්කම ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේ ය.