දෙමල ඩයස්පෝරාවේ පදයට නටන චන්ද්‍රිකා,රනිල්,ෆොන්සේකා හමුදාව යුධ අපරාධ කල බව කියයි

හිටපු ජනාධිපතිනිය වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය විසින් ශ්‍රි ලංකා ආරක්ෂක අංශ එල්ල කරගනිමින් සාවද්‍ය ප්‍රකාශයක් සිදු කර තිබේ.

එම ප්‍රකාශය අනූව ඇය කියා සිටින්නේ ශ්‍රි ලංකා හමුදාව යුධ අපරාධ සිදු කර බවත් ඒවාට දඩුවම් දිය යුතු බවත් ය.

විශේෂයෙන්ම වාර්තා වන තොරතුරු අනූව රාජ්‍ය නොවන සංවිධානයන්හි උවමනාවන්ට අනූව චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය මෙවැනි ප්‍රකාශ සිදු කරන බව ය.

මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා යාපනයේ සංචාරයක නිරත වූ අතර එහිදි වික්‍රමසිංහ මහතා කියා සිටියේ යුධ අපරාධ පිළිබදව සොය වැරදිකරුවන්ට වහාම දඩුවම් පිහිටුවිය යුතු ය.

සරත් ෆොන්සේකා මහතා මෙවැනි ප්‍රකාශ මීට පෙර ද සිදු කරන ලද අතර චන්ද්‍රිකා,රනිල්,ෆොන්සේකා වැනි රටේ ප්‍රසිද්ධ දේශපාලන චරිත සිදු කරන මෙවැනි ප්‍රකාශ පිටුපස දෙමළ ඩයස්පෝරාව සහ රාජ්‍ය නොවන සංවිධාන සිටින බව අනාවරණය වී තිබේ.‍

දෙමළ ඩයස්පෝරාව මෙලෙස ඩොලර් පොම්ප කිරිමේ අරමුණ වන්නේ සිංහල ජනයාගේ මනස වෙනස් කිරිම සදහා බවද අනාවරණය වී තිබේ.

ඇගේ මෙම ප්‍රකාශ පිළිබදව සමාජ ජාල තුළ දැඩි අප්‍රසාදයක් ඇති ව තිබේ.