සෞඛ්‍ය ඇමති රාජිත, කිරිපිටි සමාගම්වලින් ඩොලර් කුට්ටි කඩාගත් හැටි මෙන්න !

ලෝක ඉතිහාසයේ පළමුවරට සෞඛ්‍ය අමාත්‍යවරයෙකු එරට ජනතාවට කිරිපිටි බොන්න යැයි කියූ සිද්ධියක් ශ්‍රි ලංකාවෙන් වාර්තා වේ.ඒ සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා විසින් කිරිපිටි තුළ කිසිදු විසක් නොමැති බවත් ඒවායේ ප්‍රශ්නයක් නොමැති බවත් රජයේ ප්‍රවෘත්ති සාකච්ඡා පවත්වා ජනතාවට එත්තු ගැන්වීම ය.

ලොව ඉහළම පර්යේෂණ ආයතන පවා කිරිපිටි වල ගුණාත්මක තත්වය පිළිබදව බරපතල ලෙස ප්‍රශ්න කරද්දි කිරිපිටි භාවිතයට ගනු ලබන්නේ ලංකාව ඇතුළු ලොව පුරා රටවල් 19ක් පමණි.සියලුම රටවල් ගණන 20කි.

මෙලෙස සෞඛ්‍ය ඇමති රාජිතගේ කැරැට්ටුව එකින් එක දිග හැරෙද්දි ශ්‍රි ජයවර්ධනපුර රෝහලේ සභාපතිවරයා ලෙස රාජිතගේ නියෝගයෙන් පත් කරනු ලැබුවේ ඇන්කර් සමාගමේ Cosultant ලෙස සේවය කරනු ලැබූ කහද ලියනගේව ය.

බහුජාතික සමාගම්වලට යටවෙමින් ඒවායේ පදයට නැටූ රාජිත සේනාරත්න මේ ආකාරයට කටයුතු කිරිම කිසිසේත්ම සදචාර සම්පන්න නොවන ක්‍රියාවකි.එහෙව් සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න ජනතාවට විස සහිත කිරිපිටි බොන්න යැයි කීම කිසේත්ම සදචාර සම්පන්න නොවේ.

ලංකාවේ කිරිපිටි සඳහා වාර්ශික වියදම ඩොලර් මිලියන 340 (රුපියල් බිලියන 60 කට වඩා අධික ) (60,701,900,000.00) වන අතර මේ කිරිපිටි ආනයනය හේතු කොටගෙන ශ්‍රි ලංකාවේ දේශිය කිරි ගොවි කර්මාන්තය දිනෙන් දින කඩා වැටීම ද සිදු වෙමින් පවතී.

අවසානයේ රාජිත සේනාරත්න පන්නයේ බහු ජාතික සමාගම්වලින් නැටවෙන ඇමතිලා නිසා මෙරට අහිසංක කිරි ගොවිය දුප්පත්කමේ අගාධයට ද වැටේ.

උපුටා ගැනීම – අන්තර්ජාලයෙනි..