අයියා – මලෝ ගැටුම් අස්සේ ජනපති ‌මෛත්‍රිට ‌පො‌ෙහොට්ටුවේ ‌අපේක්ෂකත්වය…!

මැතිවරණ වර්ෂයේ මැතිවරණයක් ළං වෙත් ම දේශපාලන කිෂේත්‍රය උණුසුම්වන කතාබහ කරළියට පැමිණෙමින් තිබේ. මෙහි එක් ලියවරක් ලෙස බත්තරමුල්ල නෙළුම් මාවතේ පොහොට්ටු කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවක් ද විශේෂ ය.

පළාත් පාලන නියෝජිතයින්ගේ ප්‍රධානත්වයෙන් පොහොට්ටුවේ ප්‍රධාන කාර්යාලයේ පැවැත් වූ මාධ්‍ය හමුවක දී ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රධාන පාර්ශව කිහිපයක් වෙත දැඩි වාග් ප්‍රහාර එල්ලකරනු දක්නට ලැබීම මේ විශේෂත්වයයි.

මේ ඊට අදාල පුවතකි.

පොහොට්ටුවේ මීලග ජනාධිපති අපේක්‍ෂකයා කවුදැයි තීරණය කිරීමට හෝ සන්ධානගත වීම හෝ නොවීම තීරණය කිරීමට විමල් වීරවංශ හෝ උදය ගම්මන්පිල මන්ත‍්‍රීවරුන්ට කිසිම අයිතියක් නැති බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී චෝදනා එල්ල කරනු ලැබීය.

පොදුජන පෙරමුණේ පළාත් පාලන මන්ත‍්‍රී පිරිසක් විසින් පවත්වන ලද එම මාධ්‍ය හමුවේදී කියා සිටියේ එවන් සාකච්ඡා සදහා වාඩිවිය යුත්තේ පොහොට්ටුව හැදු නායකයන් විනා විමල් වීරවංශ හෝ උදය ගම්මන්පිල වැනි අය නොවන බවත් ඔවුන් පොහොට්ටුවේ සුළු පක්‍ෂ පමණක් බවත්ය.

ජාතික නිදහස් පෙරමුණ හා පිවිතුරු හෙල උරුමය ලෙස ඔවුන් අදහස් පල කළාට කිසිම ප‍්‍රශ්නයක් නැති බවත් පොහොට්ටුවේ අයිතිය උදුරා ගන්නට එන්නට එපා යයි ඔවුනගෙන් ඉල්ලා සිටින බවත් ඔවුන් කියා සිටියහ.

පොහොට්ටුව නිර්මාණය කළ නායකයනට ගරහමින් මිලග මැතිවරණවලදී වැඩි ඡන්දයෙන් දිනන්නට හිතන්න එපා යයිද ඔවුන් තව දුරටත් කියා සිටියහ.

මෙම මාධ්‍ය හමුව සදහා මොරටුව නගරාධිපති සමන්ලාල් ප‍්‍රනාන්දු කොළඹ නාගරික මන්ත‍්‍රී දයාකාන්ත පෙරේරා ඇතුලු පිරිසක් සහභාගී වී සිටියහ.

කෙසේ ‌වෙතත් ‌මේ මාධ්‍ය හමුව රූපවාහිණිය මගින් නැරඹිමෙන් පසුව මහින්ද රාජපක්ෂ මහතා පවසා ඇත්තේ ඔය ‌දෙන්නා මරාගන්න බව දන්න හින්දා තමයි මම ‌මෛත්‍රිව අපේක්ෂකයා කරන්නේ යනුවෙනි.