ඊ‌‌යේ විවාදයෙන් අසරණ වූ කරූ නිදහසට කරුණු සොයන්නට ව්‍යවස්ථා සභාව ඉදිරියේ දණින් වැටෙයි !

ඊයේ(21) දිනයේ පාර්ලිමේන්තුවේ පැවති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පිලිබඳ පාර්ලිමේන්තු කල්තබිමේ විවාදයෙදී, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ පසුගිය වසර 4ක කාලයක සිදු කරන ලද ක්‍රියාකාරකම් පිළිබඳව මතු වූ දැඩි විරෝධය හමුවේ කතානායක කරු ජයසුරිය පාර්ලිමේන්තුවටත් ජනතාවටත් පිළිතුරු දීමට අපොහොසත් වන මට්ටමකට අසරණ වී ඇති බව වාර්තා වෙයි.

ඊයේ දිනයේදී ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවේ පයකට ආසන්න කාලයක් සිදු කල විශේෂ ප්‍රකාශය තුල හා සෙසු එජනිස මන්ත්‍රීවරුන් මතුකර දැක්වූ ව්‍යවස්ථාමය හා නෛසර්ගික කරුණු හමුවේ ව්‍යවස්ථා සභාව වසර 4ක කාලයක් පුරා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනයේ 41 උ වගන්තියේ සම්පුර්ණ වශයෙන් උල්ලංඝනය කර ඇති අතර මේ වනතෙක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ පත්කිරීම් හා සම්බන්ධ නිතිරිති හා සීමාවන් පාර්ලිමේන්තුව හමුවේ සම්මත කරගෙන නොතිබීම හේතුවෙන් පසුගිය වසර 4ක කාලයක් පුරා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සිදු කල පත්වී සම්බන්ධව අර්බුධකාරී තත්ත්වයක් හටගෙන තිබේ.

නමුත් මෙහිදී රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එජාප නඩය, ජනාධිපතිවරයා විසින් දැනට පත්කර ඇති විනිසුරුවරුන් පිළිබඳව විවේචනයක් එල්ල කර ඇති බවත්, ජනාධිපතිවරයා විසින් 19 වන සංශෝධනය අහෝසි කර යලි 18 වන සංශෝධය බලාත්මක කිරීමට උත්සාහ කරන බවත් දක්වමින් ජනතාව තුල ව්‍යාජ මතයක් ඇතිකර, එම විනිසුරුවරුන් හා ජනාධිපතිවරයා අතර ගැටුමක් ඇතිකිරීමටත්, ජනතාව කෙරෙහි අප්‍රසාදයක් ඇතිකිරීමටත් කූට ව්‍යාපාරයක නිරත වෙමින් සිටියි. නීතිරීති කිසිවක් සම්මතකරගෙන නොමැති, තමාගේ සීමාවන් හරිහැටි නොදන්නා විධායක බලයටත් එහා ගොස් කටයුතු කරන ව්‍යවස්ථා සභාව මේ වනවිට පුර්ණ දේශපාලනිකරණයකට ලක්ව ඇති බව මේ වනවිට තහවුරු වන කරුණයි.

මේ හමුවේ කතානායක කරු ජයසුරිය ව්‍යවස්ථා සභාවේ නියෝජිතයින් ඊයේ රාත්‍රියේ හොර රහසේ හමුවී ඇති බව විශ්වාසවන්ත ආරංචිමාර්ග තහවුරු කරසිටියි. මෙහිදී කතානායකවරයා ව්‍යවස්ථා සභාවේ සභාපතිවරයා ලෙස සාමාජිකයින් ඉදිරියේ මෙයින් ගැලවීමට උපායක් සොයා දෙන ලෙස බැගෑපත්ව ඉල්ලා ඇත. ඔවුන්ගේ මතය වී ඇත්තේ කෙසේහෝ ජනාධිපතිවරයා මතට වරද පටවා මෙයින් ගැලවීම කල හැකි එකම ප්‍රතිකර්මය බවයි. ඒ හමුවේ රනිල් වික්‍රමසිංහ හා කරු ජයසුරිය අතර ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධව ඇති එකඟතාවයන් ආරක්ෂා කරගනිමින් කටයුතු කිරීම වඩා වැදගත් බවද කතානායකවරයාට සමි එජාප පාර්ලිමේන්තු මන්ත්රිවරයෙකුද කතානායකවරයා හමුවේ ප්‍රකාශකර ඇත.

අධිකරණය හමුවේදී කිසිවිටෙක අභියෝගයට ලක්කළ නොහැකි විධායකයටත් එහා හිය බලයක් ආරෝපණය කරගෙන ඇති මෙම දේශපාලනීකරණයට ලක්වූ ඊනියා ව්‍යවස්ථා සභාව පුර්ණ වශයෙන් නිර්දේශපාලනීකරණය කර උගතුන්, බුද්ධිමතුන් බහුශ්‍රතයින් හා වෘත්තිකයින්ගෙන් සැදුම්ලත් නිදහස් හා ස්වාධින පක්ෂපාති ආයතනයක් බවට පත් කරගැනීම ජනාධිපතිවරයා ඊයේ දිනයේ කල ප්‍රකාශයේ සාරාංශය ලෙස දැක්විය හැකිය. ඒය එසේ සිදු වන්නේ නම්, ජනතාව ලබන සැබෑ ජයග්‍රහණය එය වන්නේය.