ව්‍යාපාරිකයන් දෙදෙනාගේ ඝාතනයෙන් රත්ගම උණුසුම් වෙයි – දුම්රිය මාර්ගයත් අවහිර වෙයි..! (PHOTO)

ගාල්ල රත්ගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයින් දෙදෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියට විරෝධය පළකරමින් ප්‍රදේශවාසීන් පිරිසක් අද (23) විරෝධතාවයක් ආරම්භ කළා. ප්‍රදේශවාසීන් බොහෝ පිරිසක් මෙම විරෝධතාවයට එක්වීමත් සමඟ  ගාල්ල – කොළඹ  ප්‍රධාන මාර්ගය රත්ගම ප්‍රදේශයේන් අවහිර වී තිබෙනවා.එසේම මේ වන විට අදාළ විරෝධතාවය නිසා මුහුදුබඩ දුම්රිය මාර්ගයද රත්ගම ප්‍රදේශයෙන් අවහිර වී ඇති බවයි වාර්තා වන්නේ.

ඝාතනයන්ට සම්බන්ධ පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස බළධාරීන්ගෙන් ඉල්ලීම් කරමින් මෙම විරෝධතාවය පවත්වනු ලබනවා.

මේ අතර අදාල ව්‍යාපාරිකයින් දෙදෙනා පැහැරගෙන ගොස් ඝාතනය කර පුලුස්සා දමන ලද බවට චෝදනා එල්ල වී තිබෙන දකුණු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති විශේෂ විමර්ශන ඒකකයේ රාජකාරී සඳහා අනුයුක්ත කර සිටි පොලිස් කොස්තාපල්වරුන් පස් දෙනෙකු පිළිබඳව කිසිඳු තොරතුරක් නැති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරනවා.

අදාල පොලිස් කොස්තාපල්වරුන් පස් දෙනා ඇතුළුව එම ඒකකයේ 15 දෙනෙකු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් දකුණු පළාතෙන් පිටත පොලිස් ස්ථාන වෙත වහා ක්‍රියාත්මකවන පරිදි මාරු කර යවා තිබෙන අතර ඊට අදාල පණිවුඩය ලබා දීමට ඔවුන් සොයන අවස්ථාවේදී ඒ ගැන හෙළිවී ඇති බවයි සඳහන් වුනේ..