සම්බාහනයට මුවා වී සුරූපී තරුණියන් අළෙවි කළ රත්මලානේ ගණිකා නිවසක් කොටුවෙයි..!

රත්මලාන ප්‍රදේශයේ ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් වැටලීමට පොලිසිය කටයුතු කර තිබෙනවා. ඊයේ (22) සිදුකළ එම වැටලීමේදී ගණිකා වෘත්තියේ නියැලුණු කාන්තාවන් 04 දෙනෙකු සහ එහි කළමනාකරු අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබුණු බවයි පොලිසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් කාන්තාවන්  අවුරුදු 24ත්, 36ත් අතර වයස්වල පසුවන අතර ඔවුන් අංගොඩ, උඩුපුස්සැල්ලාව සහ කොළොන්නාව යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.